Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th February 2022 16:09:49 Hours

ආසේමු මධ්‍යම ආඥාපතිතුමන්ගේ බොරලන්ද ප්‍රදේශයේ හරිත කෘෂිකර්මාන්ත ගොවිපල නිරීක්ෂණ සංචාරය

ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාන්‍ හරිත කෘෂිකර්මාන්තය සම්බන්ධ අනෙකුත් නිලධාරීන් විසින් එළමල්අරාව, පිටපොල, බොරලන්ද ‘කඳකර’ ගැමුණු ගොවි සමිතියට අයත් 2022 යල කන්නයේ වගා කරනු ලබන ගොවි මහතුන්ගේ ගැටළු සොයා බැලීම සඳහා 2022.02.02 දින නිරීක්ෂන චාරිකාවක නිරතවන ලදී.

එහිදී වීඑම් ඔබේසේන, ඩබ්පි සුපුන් ලක්මාල් යන ගොවි මහතුන් සමඟ වගා කිරීමේදී ඇති වන ගැටළු පිළිබඳව සාකච්ජා කර ඇති අතර, එහිදී ඔවුන් විසින් කාබනික පොහොර සහ කාබනික දියර පොහොර යොදා ගෙන අර්තාපල්, ලීක්ස්, ගෝවා, බෝංචි අක්කර 04ක ප්‍රමාණයක් වගා කිරීම සිදුකරන බව දන්වා ඇත. තවද, එම ගොවි මහතුන් හට ගොවිතැන් කටයුතු සඳහා ලබාදී ඇති කාබනින පොහොර හා කාබනික දියර පොහොර නිසි ප්‍රමිතියකට නොමැති බවත් නිසි ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර හා දියර ලබා දෙන ලෙසත් ආඥාපති තුමන් වෙත දැනුම්දී ඇත. තවද, නිසි ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර හා දියර වර්ග ලබා දෙන්නේ නම් ඉදිරියට කාබනික පොහොර හා දියර වර්ග යොදා පූර්ණකාලීනව ගොවිතැන් කිරීමට කැමැති බව ප්‍රකාශ කර ඇත.

එහිදි ආරක්‍ෂක සේනා මූලස්ථාන මධ්‍යම ආඥාපති තුමන් විසින් නිසි ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර හා කාබනික දියර යුද්ධ හමුදාවේ මැදිහත්වීම මත ඉදිරියේදී ලබාදීමට කටයුතු සිදුකරන බව ප්‍රකාශ කර ඇත.