Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th July 2021 13:07:16 Hours

ආරක්‍ෂකසේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් බ්‍රිගේඩියර් පාලන/භකාස තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුධ උපකරණ බලකායට අයත්, නි/61521 බ්‍රිගේඩියර් ජි කේ අයි විතානාච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 ජූලි මස 08 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව බ්‍රිගේඩියර් පාලන/භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.