Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th January 2022 15:19:21 Hours

ආරක්‍ෂකසේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් පාලන/භකාස තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට අයත්, නි/61704 කර්නල් එන්ඒඑස්එන් නානුමිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 ජනවාරි මස 20 වන දින පෙ:ව 09.02 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව බ්‍රිගේඩියර් පාලන/භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.