Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th May 2022 17:12:39 Hours

ආරක්‍ෂකසේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුර වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත්, නි/61682 බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්එස්සිකේ වනසිංහ ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 අප්‍රේල් මස 26 වන දින පෙ:ව 10.33 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.