Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th March 2023 09:00:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ස්ථාපිත කර වසර 10 ක් සපිරිම නිමිති කරගෙන දියතලාව ආයූර් වේද රෝහල් පරිශ්‍රය සූද්ධ පවිත්‍ර කිරී‍මේ වැඩසටහනක් සිදුකරන ලදී

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) වසර 10 ක් සපිරීම නිමිත්තෙන් 2023.03.14 දිනට යෙදී ඇති 10 වන සංවත්සරයට වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් WRMM රත්නායක RWP RSP USP ndu ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර් ණ මඟපෙන්වීම හා උපදෙස් මත ආයුර් වේද පළාත් මහ රෝහල දියතලාව රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය තුෂාරි වන්නිආරචීචි මැතිතුමිය ගේ ඉල්ලිමකට අනුව ආයුර් වේද රෝහල් පරිශ්‍රය සූද්ධ පවිත්ත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2023.03.10 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි හා සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු සෙසුනිලයින්ගේ 50 ක සහභාගීත්වයෙන් පවත්වන ලදී