Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th July 2021 13:01:30 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ආඥාපති තුමන් 11 පාබල සේමු නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.07.14 වන දින ශ්‍රි දළඳා මාළිගාව වැඳපුදා ගනිමින් 11 පාබල සේමුහි නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

ආඥාපති තුමන් ශ්‍රී දළඳා මාළිගාව වැඳපුඳා ගනිමින් අස්ගිරි හිමිපාණන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව ආශිර්වාද ලබාගැනීමෙන් පසු ආඥාපති තුමන් විසින් ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ තුමන්ව හමුවී මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමාද හමුවන ලදී. ඉන් පසු ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ඇති 11 වන පාබල සේනාංක මූලස්ථානයහි නවතමයෙන් ඉදිවෙමින් පවතින පල්ලෙකැලේ නව යුද්ධ හමුදා රෝහල වෙත නිරීක්‍ෂණ සංචාරයේ නිරත වන ලදි.

මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ආසේමු (මධ්‍යම) බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානි බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එස් රත්නායක එන්ඩියු, 111 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී එම් ආර් බී රත්නායක ආර්ඩබ්පී ආර්එස්පී, 112 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව් ඩබ්ලිව් වී ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ‍ නිලධාර මෙන්ම ඒකක අණදෙන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදි.