Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd July 2021 09:52:10 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම හි ආඥාපති තුමන් 7 වන ශ්‍රීලයුපොහේබ සහ 8 වන ශ්‍රීලයුසේබ යන ඒකකයන් වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.07.21 දින තුල 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා 8 වන ශ්‍රී ලංකා සේවා බලකාය යන ඒකකයන්හි නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාව සඳහා 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි තුමන් සහ 8 වන ශ්‍රී ලංකා සේවා බලකායේ අණදෙන නිලධාරි යන නිලධාරි වරුන් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, ආඥාපති තුමන් විසින් 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුරු භූමිය තුල හා 8 වන ශ්‍රී ලංකා සේවා බලකා කඳවුරු භූමිය තුල පැල රෝපණය කරන ලදී. ඉන් අනතුරුව ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් භඨපිරිස් අමතා තේ පැන් සංග්‍රහයකට සහභාගි වී සංචාරය සිහිපත් කරනු වස් විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමද සිදු කර සංචාරය නිමාවට පත් කරන ලදී.