Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th December 2021 12:23:49 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම වෙතින් ක්‍රිකට් තරඟාවලියක් පවත්වයි

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන ඒකකයන් නියෝජනය කරමින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් 2021.12.11 සහ 12 වන දෙදින තුල ආසේමු මධ්‍යම මුතුකුමරු ක්‍රිඩාංගනයේදී පවත්වන ලදී.

මෙම ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කරමින් ආසේමු (මධ්‍යම), 7 වන සංඥා බලකාය, 8 වන බුද්ධි බළකාය, 7 වන පොලිස් හේවා බළකාය, 17 වන ඉංජිනේරු බළකාය, 8 වන පොදුසේවා බළකාය, 2 වන (සෙව්) බිදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය යන ඒකකයන් තරඟ කෙරු අතර, අවසන් මහා තරඟය සඳහා 7 වන සංඥා බලකා කණ්ඩායම සහ ආසේමු (මධ්‍යම) කණ්ඩායම සුදුසුකම් ලැබූහ.

මෙම කණ්ඩායම් දෙකෙන් උණුසුම් තරඟයක් තිබු අතර, ආසේමු (මධ්‍යම) කණ්ඩායම කඩුලු 06 ක් දැවි ලකුණු 119 ක් ලබාගත් අතර, 7 වන සංඥා බළකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 120 ක් ලබාගෙන ජයග්‍රාහි කරන ලදී. තවද, තරඟයේ හොඳම ක්‍රිඩකයා බවට සෙ/703771 කෝප්‍රල් රජපක්‍ෂ ආර් ඒ එස් එම් යන කොනොනි පිදුම් ලබයි.

ජයග්‍රාහි කණ්ඩායම් වලට සහ අනෙකුත් කණ්ඩායම් සඳහා සහතිකපත්‍ර සහ කුසලාන ආඥාපති තුමලන්ගේ සුරැතින් ලබා දුන් අතර, මෙම අවස්ථාව සඳහා අසේමු (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රමානි තනතුර හොබවන බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරි වරුන් සහ සෙසු නිලයි පිරිසක් සහභාගි වන ලදී.