Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th June 2021 21:25:24 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල කොවිඩ් 19 මර්ධන එන්නත්කරණය සහ පාලන කටයුතු, ආරක්‍ෂාව වෙනුවෙන් භඨපිරිස් යෙදවීම

මෙම ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශ‌යේ නුවරඑළිය, බදුල්ල, යන දිස්ත්‍රික්කයන්හී 2021.06.13 දින කොවිඩ් 19 මර්ධන එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

එන්නත්කරණ වැඩසටහන රාජ්‍ය ආයතනයන්හි සේවය කරනු ලබන රාජ්‍ය සේවකයින් සහ සිවිල් වැසියන් හට සිදුකල අතර ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී ඒම ස්ථානයන් වෙත පාලන කටයුතු සහ ආරක්‍ෂාව වෙනුවෙන් භඨපිරිස් යොදවන ලදි.