Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th September 2023 09:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ ශ්‍රමදානමය වැඩසටහනක් සිදු කිරිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ RWP RSP VSV USP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර් ණ මඟපෙන්වීම හා උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ ශ්‍රමදානමය වැඩසටහනක් සිදුකරන ලදී.

කුඹල්වෙල මහමෙව්නා අසපුවේ නිල රූපවාහිනි නාළිකාව වන ශ්‍රද්ධා රූපවාහිනිය මගින් ආරම්භ කර ඇති “Clean up Sri Lanka”වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පුරා තෝරාගත් ස්ථාන 1000 ක් පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ ඇල්ල කුඹල්වෙල භාවනා අසපුව මගින් 2023.09.16 වන දින 0800 පැයේ සිට 1300 පැය දක්වා ඇල්ල සංචාරක නගරය අවට ප්‍රදේශයේ මාර්ග 04 ක් ආවරණය වන පරිදි ඇල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ සිවිල් සංවිධාන වල සහයෝගය ඇතිව ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලද අතර,මෙම ශ්‍රමදානමය වැඩසටහන සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) කදවුර වෙතින් සහ එය යටතේ පාලනය වන ඒකක වෙතින් 01x50 ක භට පිරිස් සංඛ්‍යා‍වක් සහාභාගි වන ලදී.