Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd February 2021 19:56:18 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රමා තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රමා තනතුර වශයෙන් ශ්‍රී ලංකා සංඥා බලකායට අයත්, නි/61415 බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එස් රත්නායක එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021 පෙබරවාරි මස 18 වන දින පෙ:ව 1020 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව බ්‍රිගේඩියර් ප්‍රමා ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.