Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd August 2019 18:56:18 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම නව නිපැයුම් ප්‍රදර්ශනය 2019

යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා නව නිපැයුම් 2019 සියලුම ආසේමු ආවරණය වන පරිදි පවත් වන ලදී. ඊට සමගාමීව ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත 2019.08.23 වන දින 0900 පැයට ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ටෝච් සිනමා ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත් වන ලදී.

මෙහි සමආරම්භක උත්සවය මෙම මූල බ්‍රිගේඩියර් (ප්‍රමානි) වන බ්‍රිගේඩියර් එස් එම් එස් පි බී සමරකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකල අතර, මෙම ප්‍රදර්ශන වැඩසටහන සඳහා නව නිපැයුම් 31ක ප්‍රමාණයක් මෙම මූල යටතේ පාලනය වන සේනාංක/බලසේනාංක/ඒකක/පුහුණු පාසල් නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලදී. මෙවර ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨාමාලව හදාරන කෙඩෙට් නිලධාරින් විසින් නව නිපැයුම් 12ක් ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි.

මෙහි හොඳම නවනිපැයුම් විනිශ්චය කිරීම හා එම නිර්මාණ වල ගුනාත්මක භාවය සොයා බැලීම සඳහා “ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඩිආර්පිඊ කාලිදාස, ජ්‍යෙෂ්ඨම කථීකාචාර්ය එස්ටිසීඅයි විමලදාස සහ පර්යේෂණ විශ්ලේෂණ ශාඛාවේ ලුතිතන් කර්නල් ගුණසේන” යන මහත්ම මහත්මින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලදී. මෙහි ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ තීන්ත ආලේප කිරීමේ යන්ත්‍රයක් සෑදූ “සෙ/එස් 105811 ඉසෙ කුමාර ඩිඒසි 10 (සෙව්) ඉසෙරෙ” යන සෙනියා විසින්ය.මෙම යන්ත්‍රය ඉතා අඩු වියදමින් හා පහසුවෙන් සාදාගත හැකි බැවින් ගොඩනැගිලි/වාහන කවර ස්ථානයක වූවද තීන්ත ආලේප කීරීමේ හැකියව එම යන්ත්‍රය සතුවේ.