Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th March 2022 14:27:56 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම නව ගොඩනැගිල්ලක ප්‍රථිස්ථානගත කිරිම

අරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම 2013.03.13 වන දින යුද්ධ හමුදා ස්වෙච්ජා පුහුණු පාසල තුල නවතමයෙන් ස්ථාන ගත කරන ලදි. මහනුවර මාතලේ නුවරඑළිය බදුල්ල මොණරාගල හම්බන්තොට යන දිස්ත්‍රික්ක මෙම ආරක්‍ෂක සේනා බලප්‍රදේශයට ඇතුලත් වන බැවින් වඩාත් මධ්‍යස්ථ ස්ථානය වශයෙන් දියතලාව ප්‍රදේශය ස්ථානගතවීම සඳහා තෝරා ගන්නා ලදි

ස්වෙච්ඡා පුහුණු පාසලෙහි පුහුණු ධාරිතාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාවයත් ආරක්‍ෂකසේනා මුලස්ථානයකට තිබිය යුතු යටිතල පහසුකම් සහ ස්වාධීනව කටයුතු කිරීමට උචිත පරිසරයක් ඇතිකරලීමේ අවශ්‍යතාවයත් මත යුහපුඅණසක ස්ථානගතව තිබූ භූමියේ ආරක්‍ෂකසේනා මුලස්ථානය (මධ්‍යම) 2022.03.02 වන දින 1103 ට යෙදුණු සුභ මොහොතින් ප්‍රථිස්ථාන ගත කරන ලදී

යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්‍ෂකසේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජෙ‍්‍යෂ්ඨ නිලධාරි හට කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් පසු කඳවුරු භූමිය තුල නා පැලයක් රෝපනය කර ගරුතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ගායනාව මැද යුහපුඅණසක ගොඩනැගිල්ල තුල ප්‍රථිස්ථාන ගත කරන ලදී

උත්සවය ආගමික වතාවත් පෙරදැරි කරගනිමින් ර‍ට තුල පවතින වාතාවරණයට අනුගත වෙමින් මෙම මූලය යටතේ පාලනය වන ඒකක අණදෙන නිලධාරි වරුන් සහ අසේමු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරිණියන් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදුකරන ලදී