Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th September 2020 12:10:01 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති තුමන්“සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව උපාධිධාරීන් 50000 ක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන් නිරික්‍ෂණ කරන ලදි.

“සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව රාජ්‍ය අංශයට බඳවාගත් උපාධිධාරීන් 50000 ක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන 2020.09.14 දින ආරම්භ වු අතර, 2020.09.15 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම මූලය යටතේ පාලනය වන පුහුණු පාසල් හි පුහුණු වැඩසටහන් නිරික්‍ෂණය කරන ලදි.

තත් අවස්ථාවන් සඳහා මෙම මුලය යටතේ පාලනය වන ඒකක, පුහුණු පාසල් අණදෙන නිලධාරින් සහ වැඩමුළුව සඳහා උපදේශක මඩුල්ල වශයෙන් කටයුතු කරනු ලබන නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගි වන ලදී.