Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th October 2021 10:33:38 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් තනතුරෙන් නික්මයාම.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.10.04 වන දින ආඥාපති තනතුරෙන් නික්ම යන ලදි.

තවද, 20 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු ඒකකයේ භටපිරිස් සහභාගිත්වයෙන් 2021.10.04 වන දින කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළ පාළියක් ආඥාපති තුමන් හට පිරිනමන ලදි. තවද ආඥාපති තුමන් 2021.10.03 වන දින භඨපිරිස් ඇමතිමක් සිදුකර සියළු නිල තේ පැන් සංශ්‍රහයකට සහභාගි වන ලදී. මෙම අවස්ථාව සඳහා වන 11 පාබල සේනාංකය, 12 පාබල සේනාංකය, පාබල බසේමු/ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදී.