Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th July 2021 21:35:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් තනතුරෙන් නික්මයාම.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරල් ඒන් ආර් ලමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පි එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.06.07 වන දින ආඥාපති තනතුරෙන් නික්ම යන ලදි.

තවද, 23 ගජබා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්වයන් කඳවුරු සම්මාන මුරයක් ආඥාපති තුමන් හට පිරිනමන ලදි. ඉන් අනතුරුව මෙම මූලය යටතේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් හා නිලධාරිනියන් එක්ව සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. පසුව ආඥාපති තුමන් විසින් සියළු නිලයින් අමතන ලද අතර,සියළු නිලයින් විසින් එක්ව ආඥාපති තුමන් හට තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.