Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th July 2021 10:48:18 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යමහි ආඥාපති තුමන් 3 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු ඒකකය වෙත නිරික්‍ෂණ සංචාරය නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2021.07.19 වන දින 3 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව ඒකකයෙහි සහ නුවරඑළීය හාවාඑළිය නවතමයෙන් ඉදිකරනු ලබන නිවාඩු නිකේතනය නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාවන් සඳහා 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා 112 බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් කිහිප දෙනෙකු සහභාගි වු අතර, 3 ශ්‍රිලංසිරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව් ඒ එම් රණතිලක ජ්‍යෙෂ්ඨ නිලධාරි ආඥාපති තුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.