Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th April 2022 10:08:39 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම සියළු නිලයින්ගේ සුහදත්වය වර්ධනය කිරිම සඳහා ක්‍රිඩා තරඟ මාලාවක් පවත්වයි

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත ආරක්‍ෂක සේනා මුලස්ථාන‍ මධ්‍යම යටතේ පාලනය වන එකකයන් හි සියළුම නිළයින්ගේ සහභාගිත්වයෙන් ක්‍රිඩා තරඟාවලි මාලාවක් පවත්වන ලදි.

සියළු නිලයින්ගේ සුහදත්වය වර්ධණය කිරීම සඳහා ක්‍රිකට්, එල්ලේ, වොලිබෝල් හා නෙට්බෝල් තරඟ 2022.03.29‍,31 හා 2022.04.01,02 දිනයන් තුල ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් ‍දියතලාව මුතුකුමරු ක්‍රිඩාංගනයේදි පවත් වන ලදී. පසුව ආඥාපති තුමන් විසින් තරඟ ජයක්ග්‍රාහකයින් ජයක්ග්‍රාහයිකාවන් හා කණ්ඩායම් වෙත කුසලාන හා ත්‍යාග ලබා දෙන ලදි.