Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th November 2023 10:30:18 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් වියලි සලාක මළු බෙදාදිමේ වැඩසටහනක් සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මග පෙන්විම හා සම්බන්ධිකරණයෙන්, මේ දින වල පවතින දැඩි වරිෂාව තත්වය හේතුවෙන් විවිධ අපදාවන්ට ලක්ව විපතට පත් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නිරත සිවිල් සේවක මහතුන් දස දෙනෙකු සඳහා රු.6000.00 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වියලි සලාක ද්‍රව්‍යන්ගෙන් සමන්විත සලාක මළු 10 ක් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) මැදිහත්විම මගින් ලබාදෙන ලදි.

තවද,මෙ‍ම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදී.