Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th April 2022 10:23:40 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් ප්‍රජාසත්කාර වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති, මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධීකරනයෙන් හා මඟපෙන්වීම මත අනුව කොළඹ බත්තරමුල්ලේ පදිංචි රුවින් සිල්වා මහතාගේ අනුග්‍රාහකත්වයෙන් බණ්ඩාරවෙල අධ්‍යාපන කොට්ඨාසයේ මකුල්ඇල්ල විද්‍යාලයේ අඩු ආදයම්ලාභි දෙමාපියන්ගේ දරු දැරියන්ගේ අධ්‍යන කටයුතු සාර්ථකව කරගෙන යෑම වෙනුවෙන් පාසල් පොත් සහ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් 2022.04.08 වන දින එම විද්‍යාල පරිශ්‍රයේදි පවත්වන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති, මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, විද්‍යාලයේ විදුහල්පතිනිය හා ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් මෙන්ම ආරක්‍ෂක ‍සේනා මූලස්ථානය මධ්‍යම ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.