Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd February 2022 10:27:21 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් ප්‍රජාසත්කාර වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයේ දියතලාව නගරයට ආසන්නව පිහිටා ඇති “බ/දියතලාව මධ්‍ය මහ විද්‍යාලීය” ප්‍රාථමික අංශ ගොඩනැගිල්ලේ සෙවිලි කර ඇති අඹලන් තත්වයට පත්ව ඇති පැරණි උළු ඉවත් කර නව ඇස්බැස්ටෝස් ෂීට් සෙවිලි කිරීම සඳහා එම විදුහලේ විදුහල්පති ආර්එම් තිලකරත්න මහතා කරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මධ්‍යම‍ ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදේස් පරිදි යුධ හමුදා ශ්‍රම දායකත්වය 2022.01.28 දින සිට 2022.02.05 දක්වා ලබාදී සිදුකරමින් පවති.