Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th January 2022 10:14:19 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් ප්‍රජාසත්කාර වැඩසටහනක් ආරම්භ කරන ලදී

යුද්ධ හමුදාපති තුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා කඳවුරු ස්ථාපිත ප්‍රදේශ අවට පදිංචි ආහාර අවශ්‍යතා ඇති ජනතාව සඳහා “කුසට අහරක් - රණවිරු මෙහෙවරක් ” යන තේමාව යටතේ පිසූ ආහාර පාර්සල් සෑම දිනකම නොමිලේ ලබාදීම සඳහා ආහාර ඇසුරුම් කුටියක් 2022.01.28 වන දින ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානවත්වයෙන් ආරම්භ කරන ලදි

මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එස් රත්නායක එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාග වන ලදී.