Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th April 2022 13:46:06 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩයන්ගෙන් සමන්විත වියලි සලාක මළු 200 ක ප්‍රමාණයක් බෙදාදීමේ වැඩසටහන

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අනුක් මහතාගේ පූර්ණ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල ජීවත්වන සියලු ජාතීන් නියෝජනය වන පරිදි ආර්ථික අපහසුතාවලින් යුත් අඩු ආදයම්ලාභී දිළිඳු පවුල් හී ජන ජීවිතයට කිසියම් අස්වැසිල්ලක් සැලසීම වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩයන්ගෙන් සමන්විත වියලි සලාක මළු 200 ලබාදීමේ වැඩසටහනක් 2022.04.10 වන දින හපුතලේ ගෝනමටාව ගම්මානයේ පවත්වන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති, මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා එම ප්‍රදේශයේ පූජක තුමන්ලා සහ ප්‍රදේශවාසින් ආරක්‍ෂක ‍සේනා මූලස්ථානය මධ්‍යම ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ඇතළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.