Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th February 2022 10:04:40 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) පැණිබීම වෙළඳසැල (CENTRAL JUICE BAR) සුභ මොහොතින් විවෘතකරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කඳවුරු පරිශ්‍රයේ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල නව පැණිබීම වෙළඳසැල 2022.02.06 වන දින 0838 පැයට යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදි.

තවද, මෙම පැණිබීම වෙළඳසැල 3 ‍(සෙව්) ශ්‍රි ලංකා කාන්තා බළකාය වෙතින් පවත්වාගෙන යනු ලබන අතර, 3(සෙව්) ශ්‍රිලංකා කාන්තා බළකායේ අණදෙණ නිලධාරි තුමන් විසින් එම අවස්ථාව සඳහා පැමිණි ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, ‍බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි තුමන්ගේ සුරතින් නව පැණිබීම වෙළඳසැල විවෘත කරනලදි. මෙම වැඩ සටහන සදහා රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්,නිලධාරීනියන් හා සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.