Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th November 2023 21:40:04 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නිවේදන හා ඡායාරූපකරණය පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී වීඑස්වී එන්ඩීයු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මූලයේ හා මෙම මූලය යටතේ පාලනය වන පාබල සේනාංක, පාබල බළසේනා මුලස්ථාන හා ඒකකයන් හී රාජකාරී ඉටු කරනු ලබන නිලධාරී/ සෙසු නිලයින් (01x39) සඳහා නිවේදන හා ඡායාරූපකරණය පිළිබඳ වැඩමුළුවක් ජනමාධ්‍ය අධ්‍යක්‍ෂක මණ්ඩලයේ රාජකාරි ඉටුකරනු ලබන වසර 22ක සේවාකාලයෙන් එහා ගිය අත්දැකිම් ඇති බළලත් නිලධාරි 1 ඒඒඑන්ටි අමරසිංහ යන ජ්‍යෙකොනොනිගේ උපදේශණයෙන් 2023.11.13 යන දින සිට 2023.11.16 වන දින දක්වා පවත්වන ලදී.

එහි ආරම්භක දේශණය සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) සහකාර කර්නල් සම්බන්ධීකරණ (සෙව්) ජ්‍යෙෂ්ඨ නිලධාරී ලුතිතන් කර්නල් පී බී ජී විතානගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගී වන ලද අතර, එම වැඩමුළුවේ අවසාන දේශණය සඳහා මෙම මූලයේ රාජකාරි ඉටුකරණු ලබන කර්නල් ප්‍රමානි කර්නල් ඩබ්ලිව් ඒ ජේ හේමචන්ද්‍ර ආර්ඒස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගී වන ලදි. එම අවස්ථාව සඳහා මෙම මූල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.