Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd July 2021 16:25:16 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරය

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.07.22 වන දින සිය බලප්‍රදේශයේ පිහිටි ලක්‍ෂපාන 19 ශ්‍රීලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව යන ඒකකය, ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරය, කොටගල තෙල් සංස්ථාව, 581 පාබල බලසේනා මූලස්ථානය කොටගල, විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය හා ලක්‍ෂපාන ජල විදුලි බලාගාරය යන ස්ථානයන් වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත විය.

මෙම සංචාරය සඳහා මෙම මූල බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලි‍ව් එස් රත්නායක එන්ඩීයු, 112 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදි.