Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd November 2021 17:30:06 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම නව ආඥාපති සිය බලප්‍රදේශයේ පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය බුත්තල වෙත සංචාරයක නිරත වූහ

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය බුත්තල සේනාවිධායක මේජර් ජෙනරල් ඩි බි එස් එන් බෝතොට ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 18 ගැමුණු හේවා බලඇණිය විසින් කඳවුරු සම්මාන මුරයක් ආඥාපති තුමන් හට පිරිනමන ලදී.

තවද, එම මූලස්ථානයේ සැලැස්ම පිළිබඳව සේනාවිධායක තුමන් විසින් විස්තර කිරිමෙන් පසුව ආඥාපති තුමන් විසින් කඳවුරු භුමියේ නා පැලයක් රෝපණය කර කඳවුරු සංචාරයකද නිරත වන වූහ. එම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්ඩී ප්‍රසන්න රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වන ලදී.