Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th October 2021 21:00:32 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම නව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනී‍මෙන් පසු භඨ පිරිස් ඇමතීම.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඉකුත් 04 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගැනීමෙන් අනතුරුව 2021.10.13 වන දින භඨ පිරිස් අමතන ලදි.

ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන නව ආඥාපති තුමන් තම අත්දැකීම්, දැනුම, නිසි වින‍යකින් යුතුව කඳවුර හා රාජකාරී ඉටු කරන අයුරු වැනි කරුණු රාශියක් පිළිබඳ අවධාරණය කරන ලදි. සියළු නිලයින් ඇමතීමෙන් අනතුරුව සියළු නිලයින් එක්ව ආඥාපති තුමන් හට තේ පැන් සංග්‍රහයක් පවත් වන ලදි.

මෙම අවස්ථාව සඳහා මෙම මුල‍යේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් හා සෙසු නිලයින් මෙන්ම මෙම මූලය යටතේ පාලනය වන ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් හා සෙසු සෙසු නිලයින් පිරිසක් සහභාගී වන ලදි.