Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th October 2021 17:02:58 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම නව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.10.04 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි සිදු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. ආඥාපති තුමන් හට 20 වන ශ්‍රිලංකා සංහ රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්ව‍යෙන් සම්මාන පෙළපාලියක් සහ කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. පසුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ මෙම මුලය යටතේ පාලනය වන 11 පාබල සේනාංකය, 12 පාබල සේනාංකය, සියළුම පාබල බසේමු හා ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිලිගන්නා ලදි. ඉන් පසුව ආඥාපති තුමන් කඳවුරු භුමියේ නා පැලයක් රෝපණය කර සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් සමූහ ඡායාරූපයකට පෙනි සිටින ලදි.