Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th July 2021 22:19:51 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම නව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස නි/60836 මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.07.09 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි සිදු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.ආඥාපති තුමන් හට 10 වන ගජබා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්ව‍යෙන් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. පසුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ මෙම මුලය යටතේ පාලනය වන 11 පාබල සේනාංකය, 12 පාබල සේනාංකය, සියළුම පාබල බසේමු හා ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිලිගන්නා ලදි.ඉන් පසුව ආඥාපති තුමන් කඳවුරු භුමියේ නා පැලයක් රෝපණය කර සියළු නිලයින් අමතන ලදි. අනතුරුව සියළු නිලයින් එක්ව ආඥාපති තුමන් හට ලබා දුන් තේ පැන් සංග්‍රහය සදහා පැමිණි සිටින සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා මෙම මුල නිත්‍ය කර්ය මණ්ඩලය සහභාගි වන ලදි.