Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th November 2021 08:17:48 Hours

ආරක්‍ෂක සේනා මධ්‍යම නව ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.11.08 සහ 09 යන දෙදින තුල සිය බලප්‍රදේශයේ පිහිටි 11 වන පාබල සේනාංකය, 111 වන පාබල බලසේනා සේනා මුලස්ථානය හා ඒකක වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත විය.

11 වන පාබල සේනාංක මූලස්ථානය වෙත පැමිණි ආඥාපති තුමන් 11 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිපී ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, 10 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැම්මේන් අනතුරුව කඳවුරු භූමිය තුල අඹ පැලයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේන් පසු 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් විසින් ආඥාපතිතුමන් හට කඳවුර හා සිය බල ප්‍රදේශය පිළිබඳව විස්තර කරන ලදි. 2021.10.09 දින 111 පාබල බළසේනා මුලස්ථානය, 1 වන රයිෆල් බළකාය හා 2 (සෙව්) සිංහ රෙජිමේන්තු ඒකකයන් නිරික්‍ෂණය කරන ලදි.

මෙම සංචාරය සඳහා 11 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිපී ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, මෙම මූල බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලි‍ව් එස් රත්නායක එන්ඩීයු, බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ (සෙව්) නිලධාරි බ්‍රිගේඩියර් එන් ඩ් පී ජයතිලක, 111 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ට් එම් ආර් බි රත්නායක ආර්ඩබ්ල්ව්පී ආර්එස්පී, 112 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරීන් හා නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදි.