Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th September 2023 06:13:42 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති තුමන් සිය තනතුරේ රාජකාරි ආරම්භ කිරිමෙන් පසු 12 වන පාබල සේනාංක බලප්‍රදේශය වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.09.05,06,07 වන දින තුල 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

2023.09.07 වන දින ආඥාපති තුමන් රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍යපාද කොබවක ධම්මින්ද නායක ස්ථවීර නාහිමියන් හා කතරගම සමන් දේවාලය වැඳපුදාගෙන අනතුරුව ඓතිහාසික වැඩසිටි කන්ද විහාරාධිපති අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ඌවවෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ශාස්ත්‍රපති හීල්ලේ ඥාණානන්ද නාහිමියන්ද බැහැදැක වැඳපුදා ආශිර්වාද ලබාගන්නා ලදි.

මෙම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සිඑස් මුණසිංහ WWV RWP RSP USP ndc psc IG යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 121 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් එ ජේ එල් බි උඩෝවිට RWP RSP, 122 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්එම්එම් අයි බන්ඩාර USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම, ඒකක අණදෙන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදි