Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th November 2021 07:42:19 Hours

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන් “සිරි සඟබෝ” ළමා නිවාසයේ දරුවන් හට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති, මේජර් ජෙනරාල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.11.10 වන දින බණ්ඩාරවෙල “සිරි සඟබෝ” ළමා නිවාසයේ දරුවන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම දරුවන් සඳහා දීර්ඝ කලක් අඩුපාඩුවක්ව පැවැති වීදුරු පිඟන් සහ වීදුරු කොප්ප සහ අත්‍යවශ්‍ය උපකරණ ද්‍රව්‍ය තොගයක්, පිzzඅ ආහාර සහ කෙටි ආහාර ලබාදීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථාන ප්‍රධාන සිවිල් සම්බන්ධීකරන කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ අතර, එහිදී වැඩිදුරටත් එම නිවාසයේ සිදුකළ යුතු අළුත් වැඩියා කටයුතු හා අත්‍යාවශ්‍ය සේවාවන් පිළිබඳ ආඥාපති විසින් නිරීක්‍ෂණය කරන ලද අතර, ඒ සඳහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන/භකාස, බ්‍රිගේඩියර් සෙවේච්ඡා සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගී වන ලදී.