Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd September 2023 20:30:54 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් දියතලාව කළු අඹතැන්න ප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති සහ යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.09.20 වන දින කළු අඹතැන්න ශ්‍රිලංකා යුද්ධ හමුදා සේවා බලකා ව‍ගාබිමේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

කළු අඹතැන්න ශ්‍රිලංකා යුද්ධ හමුදා සේවා බලකා ව‍ගාබිම වෙත පැමිණි ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ආඥාපති තුමන් විසින් කඳවුරු භූමියේ පැලයක් රෝපණය කර කඳවුරු සංචාරයක නිරත වී එහි පවතින වත්මන් තත්වය හා පවතින අපහසුතාවන් පිලිබඳව සොයා බලන ලදි. පසුව ආඥාපති තුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදි.

අනතුරුව ආඥාපති තුමන් විසින් කළු අඹතැන්න ප්‍රදේශයේ බලඇණි පුහුණූ පාසලක් ඉදිකිරීමට යෝජිත භුමි ප්‍රදේශය නිරීක්‍ෂණය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන් ඇතුළු ජේෂ්ඨ නිලධාරින්, නිලධාරීන් පිරිසක් දිසහභාගි වන ලදි.