06th October 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) හි 20 වන ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.06 වන දින ආඥාපති දුරයෙන් වැඩ භාරදි නික්ම යන ලදි
23 විපාරේ භට පිරිස් සහභාගිත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් ආඥාපති හට පිරිනැමි මෙන් ගෞරව ආචාර්ය පුද කරන ලදි. ඉන් අනතුරුව සාම්ප්‍රධාන කුලව ආඥාපති තනතුරේ වැඩ භාරදිම් සිදුකර සමරු පොතේ සටහනක් තැබිමේන් පසු එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් අනතුරුව සියළු නිලධාරින් හා සෙසුනිළයින් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගිවී සුහඳ පිළිසදරක යෙදීමට අමතක කලේ නැත. තවද, එතුමන් විසින් අවසන් වශයෙන් මතකය ආවර්ජනය කරමින් සියළුම නිලධාරින් සහ සෙසුනිළයින් විසින් දක්වන දායකත්වයන් ඇඟයිමට ලක් කල අතර, කෘතඥා පුර්වක ස්තුතීය පුද කිරීමටත් යුධ හමුදාවේ ඉදිරි අභිවෘධිය සඳහා කැපවී තම රාජකාරි නොපිරිහෙලා ඉටු කිරිමට වඟ බලා ගන්නා ලෙස ද සියළු දෙනා හට සිහිපත් කරන ලදි
ආඥාපති භාකාස අණසක, ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන භකාස, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරී වරුන්, නිලධාරින්, නිලධාරිනියන් ඇතුළු සෙසු නිලයින් උත්සවය සඳහා සහභාගි වන ලදී