17th July 2024 21:34:31 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.07.15 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
ඒ අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මධ්‍යම පාළාත් ආණ්ඩුකාර තුමන් හමුවිමෙන් පසු 11 පාබල සේමු සංචාරයේ නිරත වන ලදි. එහිදි 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් එම් එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආඥාපති උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ආඥාපති හට සේනාංක මූලස්ථානයේදී 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ භඨ පිරිස් සහභාගීත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් අනතුරුව සමුහ ඡායාරූපයක් සඳහා පෙනිසීටිමෙන් පසු සේනාංකයේ සහ ඒ යටතේ පාලනය වන පාබල බසේමු, ඒකකයන් හි සියළු නිලධාරි, සෙසුනිලයින් ඇමතීමට අමතක නොකල අතර, පසුව සියලු නිළ තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි වි සංචාරය නිමාවට පත්කරන ලදි.
මේ සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් (පාලන/භකාස) සහ කර්නල් (ප්‍රමා) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි