Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th March 2022 17:16:58 Hours

ආරක්ෂසක සේනා මුලස්ථාන‍ මධ්‍යම 9 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සමරයි

ආරක්ෂක සේනා මුලස්ථාන‍ මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත 9 වන සංවත්සරයට සමගාමිව සියළුම නිළයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන් මාලාවක් සිදු කරන ලදි.

සියළු නිලයින්ගේ සුහදත්වය වර්ධණය කිරීම සඳහා ක්‍රිකට්, එල්ලේ, වොලිබෝල් හා කඹ ඇදීමේ තරඟ 2022.03.07,09,10 ‍තෙදින තුල ආඥාපති තුමගන්ගේ ප්‍රධානත්වයෙන් ‍දියතලාව මුතුකුමරු ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

ඒ, අනුව සංවත්සරයට සමගාමිව 2022.03.10,11 දෙදින තුල බොධි කන්ද පූජා භූමියේ ආගමික වාතාවත් සහ පිරිත් සජ්ඡායනාවක් ‍මෙන්ම දහවල් දානමය පිංකම් කටයුත්තක් සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

ඉන් අනතුරුව 2021.03.13 වන දින 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකකය වෙතින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් අඥාපති තුමන්හට පිරිනැමිමෙන් අනතුරුව ආඥාපති තුමන් විසින් කඳවුරු භූමිය තුල පැලයක් රෝපණය කර භඨ පිරිස් ඇමතිමක්ද සිදු කරන ලදි.

පසුව ආඥාපති තුමන් විසින්ත තරඟ ජයක්ග්‍රාහි කණ්ඩායම් වෙත කුසලාන පිරිනැමිම සහ සිවිල් සේවක මහත්ම මහත්මින් වෙත ත්‍යාග ප්‍රධානය සිදු කර ලදි.සියළු නිළ භොජන සංග්‍රහයක්ද සංවත්සරයට සමගාමිව පවත් වන ලදී.