Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th August 2018 16:45:31 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් පවත්වන ලද පරිඝණක පාඨමාලාවේ නිමාව

යුද්ධ හමුදාධීපති තුමාගේ සංකල්පයකට අනුව පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ වැය ශිර්ෂය යටතේ සියළුම ආසේමු ආවරණය වන පරිදි ශීර්ෂගත පාඨමාලාව පවත්වන ලද අතර, ඒ අනුව මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත අදාල පාඨමාලාව 2018.07.16 වන දින සිට 2018.08.15 වන දින දක්වා ඉතා සාර්ථකව පවත්වන ලදි.

මෙම පාඨමාලාව සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) හා යටතේ පාලනය වන සේමු, බසේමු , ඒකක සහ පුහුණු පාසල්හි රාජකාරි නියුතු සෙසුනිළයින් 00 x 40 ක් සහභාගී විය. තත් පාඨමාලාව Future step IT Solution (Pvt) Ltd ආයතනය වෙතින් පවත්වන ලද අතර, එම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් හිරෝෂ් ද සිල්වා මහතා කටයුතු කල ලදි. තත් පාඨමාලාවේ අවසාන දේශනය මෙම මුල මානි 1 (පාලන) ලුතිතන් කර්නල් ජේ එස් යු සතුරසිංහ ආර්එස්පි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු නිලධාරින්ගේ සහාභාගීත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදි.