Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd July 2018 16:00:04 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් මත්ද්‍රව්‍ය නිවාරන වැඩ සටහනක් පැවැත්වීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහනක් ශ්‍රිලංයුහවිපි ටෝච් සිනමා ශාලාවේදි 2018.07.02 වන දින උදැසන 0900 පැයේ සිට 1200 පැය දක්වා පවත් වන ලදි.

මෙම දේශණය සඳහා 111 වන බළසේනා මුලස්ථාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ආර් කේ කරුණානායක ශ්‍රිලංජාආබමු යන ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් අනාගත යුද්ධ හමුදා පරපුර වෙනුවෙන් වැදගත් කරුණු කිහිපයක් මෙන්ම හා එයින් උරුම වන ප්‍රතිවිපාක පිලිබදව රූප රාමු මගින් අර්ථවත් ලෙස පැහැදිලි කරන ලදී.

තවද, මෙම දේශණය සඳහා මෙම මුල හා යටතේ පාලනය වන ඒකක පුහුණු පාසල්හි රාජකාරි නියුතු නිලධාරි සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදී.