Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th June 2018 20:49:49 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් පැවැත්වූ ඉංග්‍රිසි පාඨමාලාවෙි සාර්ථක නිමාව

ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම මත මෙම බළප්‍රදේශයේ රාජකාරි නියුතු සෙසුනිළයින්ගේ ඉංග්‍රිසි දැනුම වර්ධනය කිරිම ස‍ඳහා පවත්වන ලද ඉංග්‍රිසි පාඨමාලාව ඉතා සර්ථකව 2018.06.08 වන දින නිමාවට පත්වන ලදි.

තත් පාඨමාලාව 2018.04.25 වන දින ආරම්භ කරන ලද අතර, එ් ස‍ඳහා ආරක්ෂක සේනා මුලස්ථනයේ හා යටතේ රාජකාරි නියුතු 00 x 21 කගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලද අතර,මෙම පාඨමාලාවේ පළවන, දෙවන හා තුන්වන ස්ථාන පහත ස‍ඳහන් පරිදි ලබා ගත් අතර, එහි අවසන් දේශණය ස‍ඳහා මෙම මුල කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් රාජකාරි කරනු ලබන කර්නල් සි එස් මුණසිංහ ඩබිලිවිඩබිලිවිපි ආර්ඩබ්ලිව්පි ආර්එසිපි යුඑස්පි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරි හා මෙම මුල ප්‍රමානි 1 (සම්බන්ධිකරණ) ලුතිතන් කර්නල් බි ඒ එස් එස් ඩි බුලත්ගම යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ සහභගිවත්වයෙන් සිදු කරන ලද අතර පාඨමාලා සිසුන් විසින් උපදේශක වශයෙන් කටයුතු කල මෙම මුල ඉංග්‍රිසි භාෂා උපදේශක ලුතිතන් එල් ඒ එස් ඩි ලියනආරච්චි යන නිළධාරිනිය හට සමරු තිළිණයක් පිළිගන්වන ලදි.

ප්‍රථම ස්ථානය සෙ/280145 කෝප්‍රල් ප්‍රියංග එස් එචි එ් 10 ශ්‍රිලංසංබ

දෙවන ස්ථානය සෙ/කියු 103106 සාසෙ අධිකාරි ආර් එම් එස් 3 ශ්‍රිලංජාආබමු

තුන්වන ස්ථානය සෙ/ඊ101553 රසෙ සමරසිංහ ආර් ඒ ඒ ආර් ටි 3 (සෙව්) ශ්‍රිලංසිරෙ