Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th March 2019 15:42:07 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) 6 වන සංවත්සරය

මෙම මුල 6 වන සංවත්සරය ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර්පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත සියළුම නිළයින්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අයුරින් වැඩසටහන් මාලාවක් සිදු කරන ලදි.

සංවත්සරයට සමගාමිව 2019.03.19 වන දින යුද්ධ හමුදා මුලික රෝහල - දියතලාව කදවුරු භූමිය හා දියතලාව නගරයේ පිහිටි ක්‍රිස්ත්‍රියානි දේවස්ථානය අවට ශ්‍රමධාන කටයුත්තක් සිදු කල අතර, ඒ සදහා මෙම මුලය හා යටතේ පාලනය වන ඒකකයන්හි රාජකාරි නියුතු භඨපිරිස් සහයෝගය ලබාදුන් අතර, පසු දින මෙම මුල බෝධිකන්ද භූමියේදි බොධිපුජාමය පිංකමක් සිදු කරන ලදි.

තවද, 2019.03.21 වන දින සංවත්සරයේ එක් අංගයක් වශයෙන් 9 ශ්‍රිලංසිර‍ෙ ඒකකය වෙතින් කදවුරු මුරය හා සම්මාන පෙලපාලියක් අඥාපති තුමන්හට පිරිනැමු අතර, එදින දහවල් ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සියළු නිළ භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදි. එමෙන්ම එදින රාත්‍රියේ මුතුකුමරු ක්‍රිඩාංගනයේදී රණවිරු රියල්ස්ටා තේරිපත්වු ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් සංගිත රාත්‍රියක් පවත්වන ලදි.