Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th June 2018 21:54:24 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන ලිපිකරු සුභමොහොතින් වැඩ භාරගැනීම

ආරක්ෂක සේනා (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන ලිපිකරු වශයෙන් 5 වන ශ්‍රි ලංකා ඉන්ජිනේරු බළකායට අයත් බළලත් නිළධාරි 1 ජේ එමි එන් කේ ජයසුන්දර යන ජ්‍යේකොනොනි 2018 ජුනී මස 08 වන දින සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම බළලත් නිළධාරි 1998 වර්ෂයේදි ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳී විවිධ වු හමුදා ස්ථානයන් හි රාජකාරි ඉටු කර විශාල දැනුම් සමිභාරයක් ඇති ජ්‍යේකොනොනියෙකුද වේ. තවද මෙම අවස්ථාව සදහා ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ සියලු ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලු නිළයන් විසින් නව ප්‍රධාන ලිපිකරු මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.