Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th November 2024 21:26:16 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් සෙසුනිලයන් හා සිවිල් සෙවකයින් සඳහා වියලි සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණීයගේ උපදෙස් හා අධීක්ෂණයෙන් යුද්ධ හමුදාවේ රාජකාරී කරනු ලබන ආර්ථික අපහසුතා ඇති යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින්ගේ ජිවිත වලට ශක්තියක් හා අත්වැලක් වෙමින් සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මුලස්ථානයේදි සිදුකල අතර, එය සංකේතවත් කරමින් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දර්ශණි යහම්පත් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024.11.13 වන දින දියතලාව ගොල්ෆ් ක්‍රීඩා සන්චිතයයේදී හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින් වෙත සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් සිදු කරන ලදි.

එම අවස්ථාව සඳහා ආඥාපති අණසක භකාස ආරක්‍ෂක සේනා (මධ්‍යම), ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරී, බ්‍රිගේඩියර් පාලන භකාස, කර්නල් (ප්‍රමානි) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ නිළධාරීනින් පිරිසක් සහභාගී වන ලදි.