Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th June 2018 11:53:26 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) පස්වන කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් ලුතිතන් කර්නල් පි කේ එස් නන්දන ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිළධාරි සුබ මොහොතින් වැඩ භාරගන්නා ලදි

ආරක්ෂක සේනා (මධ්‍යම) පස්වන කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් පි කේ එස් නන්දන ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිළධාරි 2018.06.12 වන දින මෙම මුලස්ථාන කාර්යාල පරිශ්‍රයේදී සුබ මොහොතින් වැඩ භාරගන්නා ලදි

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරි 1990 නොවැම්බර් 12 වන දින යුද්ධ හාමුදාවට බැදි විවිධ වු යුද්ධ හමුදා උසස් මුලස්ථානයන්හි රජකාරි ඉටු කර අත්දැකිම් වලින් බහුල ජ්‍යේෂ්ඨ නිලධාරියකු වේ. තවද තත් නිලධාරි රාජකාරි භාරගන්නා අවස්ථාවේ මෙම මුලස්ථානයේ රාජකාරි නියුතු ජ්‍යේෂ්ඨ නිලධාරි ඇතුලු නිලධාරින් හා සියලු ලිපිකරුවන් එම අවස්ථාවේදි නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි තුමන් හට ඉතා උණුසුම් සුභ පැතුම් එක්කරමින් මහත් ගෞරවයෙන් පිලිගන්නා ලදි.