Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th October 2018 18:00:13 Hours

ආබාධිත පුද්ගලයෙකු හට නව නිවසක් ඉදිකර දීම.

මෙම ආසේමු (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටා ඇති වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නුගතලාව ග්‍රමයේ ජිවත්වන කරුණාදාස මහතා ම්ට වසර හතරකට පමන පෙර හදිසි රිය අනතුරක් හේතුවෙන් පුර්ණ ආබාධිත තත්වයට පත්වී ඇති හෙයින් ඔහු පෙර සේවය කරන ලද ‍ෆොන්ටේරා ආයතනය මගින් ඔහු හට නව නිවසක් සාදා දීමට බලාපොරොත්තු ඇතිව යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය අපේක්ෂා කර යුද්ධ හමුදාධිපති තුමගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය ලබාදීමෙන් එම ආබාධිත පුද්ගලයා හට නව නිවසක් ඉදිකර දීම සදහා 2018.07.09 වන දින වැඩ ආරම්භ කරන ලදී.

මෙම නිවස මාස තුනක් වැනි කෙටි කාලයක් තුල යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කැපවීම හා උත්සහයන් පලගන්වමින් 2018.10.19 වන දින 1010 යෙදුනු සුභ මොහොතින් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මෙම මුල ආඥාපති තුමාගේ හා ෆොන්ටේරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින්ගේ සුරතින් එම ආබාධිත පුද්ගලයා හට නව නිවස භාරදෙන ලදි.

තවද, එම උත්සව අවස්ථාව සදහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සාමාජික සාමාජිකාවන් පැමිණ සිටි අතර, ඔවුන් විසින් එම පවුලෙහි ඉගෙනුම ලබන දරුදැරියන් හට ඉදිරි ඉගෙනීමි කටයුතු වලට සහයෝගය දීම වස් ශිෂ්‍යාධාර පිරිනමන ලද අතර, නිවස ඉදිකිරිම සදහා ශ්‍රමදායකත්වය ලබාදුන් සෙබළුන්ගේ ඒකකයන් වෙත ෆොන්ටේරා ආයතනය මගින් එක් ජල පෙරණය බැගින් පිරිනමන ලදි. තත් උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම මුල ආඥාපතිතුමා හා ෆොන්ටේරා ආතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් සහභාගි වු අතර, මෙම මුල හා යටතේ රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් විශාල පිරිසක්ද සහභාගි වන ලදී.