Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th December 2018 22:18:58 Hours

ආපදා පෙරහුරු වැඩසටහන් සඳහා යුද්ධ හමුදා සහය ලබා දිම

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කළගුණික තත්වය හේතුවෙන් මෙම ප්‍රදේශයට ඇතිවිය හැකි හදිසි ආපදා තත්වයකදි ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳ පෙර දැනුවත් කිරිමේ වැඩසටහන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ යේ සංවිධානයෙන් හා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ උපදෙස් පරිදි ආපදා පෙරහුරු වැඩසටහනක් 2018 දෙසැම්බර් මස 04 වන පවත්වන ලදී.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ සහ හල්දුම්මුල්ල යන ප්‍රදේශයන්හි ආපදා පෙරහුරු වැඩසටහන් පැවැත් වු අතර, ඒ සඳහා එම ප්‍රදේශයන්හි වෙසෙන සිවිල් ජනතාව, ශ්‍රි ලංකා පෙලිස් දෙපාර්තුමේන්තුවේ පොලිස් නිලධාරින්, ප්‍රදේශිය ලේකම් කාර්යාල කාර්යය මණ්ඩල හා ආපදා කලමනාකරණ නිලධාරින්, රජයේ රෝහල් කාර්යය මණ්ඩල මෙන්ම රාඡ්‍ය නොවන ආයතනයන්හි අනුග්‍රහකත්වය හා සහභාගිත්වයෙන් පවත්වන ලද අතර, මේ සඳහා මෙම ආරක්ෂක සේනා මුලස්ථානය හා යටතේ පාලනය වන ඒකකයන් හි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් 5 x 110 කගේ සහභාගිත්වයෙන් ඉතා සර්ථකව සිදු කරන ලදි.