Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th December 2023 20:23:36 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නුවරඑළිය - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයයේදී 2023.12.07 වන දින නායයෑමකට ලක්වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්යෙන්ම නැවතී තිබූ අතර එම මාර්ගයේ පස් හා ගල් ඉවත් කිරීම සදහා 19 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් එක් නිලධාරියෙකු හා පහ‍ලොස් දෙනෙකුගෙන් යුත් භටපිරිසක් එම ස්ථානය වෙත යොදවා යුද්ධ හමුදා සාමාජිකයින්ගේත්, ශ්‍රී ලංකා පොලීසියේත්, මාර්ග සංවර්ධන අධිකාරියේත්, ප්‍රදේශවාසීන්ගේත් සහය ඇතිව මහත් පරිශ්‍රමයක් යොදා මාර්ගයේ පස් හා ගල් ඉවත් කරීමට කටයුතු කර මේ වනවිට මාර්ගයේ එක් මංතීරුවක් රථවාහන ගමනාගමනය සදහා යථාතත්වයට පත්කර ඇත.