Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th December 2023 19:46:49 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් ඉදල්ගස්හින්න ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.12.06 වන දින සන්ධ්‍යා කාලයේදී ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ආසන්නව දුම්රිය මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරීයෙකු හා දොලොස්දෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොදවා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නිලධාරීන්ගේද සහය ඇතිව දුරිය මාර්ගය වෙතට වැටී තිබූ ගල් කඩා ඉවත් කිරීමට කටයුතු කර පස් ඉවත් කරමින් මහත් පරිශ්‍රමයක් යොදා අලුයම් කාලය වන විට යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි.