Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th December 2023 08:12:19 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ හල්දුම්මුල්ල කැලිපනාවෙල කොටසේ 2023.12.11 දින සක්‍රීය වී ඇති නායයෑම අක්කර 200ක පමණ වපසරියක් පුරා විහිද ගොස් ඇති බැවින්, මේ වනවිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත පවුල් 31 ක පුද්ගලයින් 141 ක් ඉවත් කිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කරන ලදි.

ඒ අනුව එම ස්ථානය තත්වය සොයා බැලීම හා යුද්ධ හමුදාව වෙතින් ගතයුතු ක්‍රියාමාර් පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ක්‍ෂණික විහිදුම් යතුරුපැදි ඛණ්ඩයේ භඨ පිරිසක් එම ස්ථානය වෙත යොදවන ලදි.