Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th October 2023 09:00:55 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුද්ධ හමුදා දායකත්වය ලබාදීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මේ වන විට රටේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් ආවර්ණය වන පරිදි අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන හදිසි ආපදා තත්වයට මුහුණ දීම සඳහා සහ විපතට පත්වූවන් බේරා ගැනීමටත් අවශ්‍ය සහන සැලසීමට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ක්‍රියාකරමින් සිටී. මෙම ව්‍යසනකාරී තත්වය ප්‍රධාන වශයෙන් බලපා ඇති මාතර දිස්ත්‍රික්කයෙහි ජනතාව විශාල ප්‍රමාණයක් පීඩාවට පත්ව අවතැන්ව සිටී. මෙම තත්වය පුද්ගලිකව දැකබලාගෙන නිසි අවබෝධයකින් ක්‍රියාකිරීමට අවශ්‍ය උපදෙස් ශ්‍රි ලංකා යුද්ධ හමුදාධීපති විසින් ලබාදෙන ලදී. එහි ප්‍රථිපලයක් ලෙස කඩිනමින් සහන සැලසිම් විධිමත් ආකාරයෙන් මේ වන විට ක්‍රියාත්මකව පවතී.

මාතර දිස්ත්‍රික්කයෙහි මාලිම්බඩ ප්‍රදේශයේ ඇති වී තිබෙන ආපදා තත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජිවත්වන ජනතාව 5000 ක් පමණ අවතැන්ව සිටී. ඔවුන්ට අවශ්‍ය පිසු ආහාර ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිමට යුද්ධ හමුදාධිපතිගේ නිසි උපදෙස් මත හමුදාව ක්‍රියාකල අතර, ඒ සඳහා ද්‍රව්‍යමය ආධාර රුහුණුමහා කතරගම කඳසුරිදු දේවාලයේ බස්නායක නිලමේ විසින් සලසා දෙනු ලබයි. 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ක්‍රියාදාමය එම සේනාංක භඨ පිරිස් විසින් මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපනය කරනලද තාවකාලික මුළුතැන්ගෙය අධාරයෙන් සුදානම් කර පිසු ආහාර ප්‍රදේශවාසීන් වෙත ලබාදීම මේ වනවිට ඉතා සාර්ථකව සිදු කරනු ලබයි.